Share to:

Sum

Sum යන ශ්‍රිතය මඟින් යම්කිසි කොටු ගණනාවක ඇති අගයයන්ගේ එකතුව ලබා ගත හැකිය. මෙය උදාහරණ කිහිපයක් මඟින් තේරුම් ගනිමු. මෙම උදාහරණ සඳහා A1 සිට A10 දක්වා වු කොටුවල 12, 25, 8, 14, 33, 78, 11, 9, 41, 19 යන අගයයන් ඇතැයි ද සිතමු. අපගේ අවශ්‍යතාවය වනුයේ මෙම අගයයන් වල එකතුව A11 නම් කොටුවේ දැක්වීමයි.

මෙම ශ්‍රිතපැතුරුම්පත්වල බහුලවම භාවිතා වන එකක් වන අතර බොහෝ ගැටළු විසඳීමේදී අවශ්‍යම වන එකකි

පළමු ක්‍රමය

මෙම එකතුව ලබා ගැනීම සඳහා A11 නම් කොටුවේ = A1 + A2 + A3 + A4 + A5 + A6 + A7 + A8 + A9 + A10 යන සමීකරණය ඇතුළු කළ හැකිය. එහෙත් මෙහිදී කිසිදු ශ්‍රිතයක් භාවිතා කර නොමැති බව වටහා ගත යුතුය.

දෙවන ක්‍රමය

+ ලකුණ භාවිතා කරමින් සංඛ්‍යාවල එකතුව සෙවීම වෙනුවට Sum නම් ශ්‍රිතය තුළ කොමාව මඟින් සම්බන්ධ කරමින් A11 කොටුවේ =Sum(A1 ,+ A2 ,+ A3 , A4 , A5 , A6 , A7 , A8 , A9 , A10) ආකාරයෙන් ලිවීමෙන් ද මෙය කළ හැකිය.

තුන්වන ක්‍රමය

කොමාව භාවිතා කරමින් ශ්‍රිතය තුළ සංඛ්‍යා සම්බන්ධ කිරීම වෙනුවට එය පරාසයක් ලෙස =Sum(A1:A10) ආකාරයෙන් A11 කොටුවේ ලිවීමෙන් ද ද මෙය කළ හැකිය

සිව්වන ක්‍රමය

එම සම්පූර්ණ පරාසය පරාස කොටස් කිහිපයක එකතුවක් ලෙසින්, එම පරාස කොටස් කොමා මඟින් සම්බන්ධ කර =Sum(A1:A4, A5:A7,A8:A10) ආකාරයෙන් ලිවීමෙන් ද ද මෙය කළ හැකිය. අවශ්‍ය පරාසය දෙතුන්පළක තිබෙන විට, මෙම ක්‍රමය භාවිතා කිරීම ඉතා පහසු ක්‍රමයක් වනු ඇත.


OpenOffice.org Calc

මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් නාම් MicroSoft Excel වලදී ශ්‍රිතයක් තුළ පරාමිතික වෙනස් කිරීම කරනු ලබන්නේ කොමාවලින් නමුදු OpenOffice.org Calc වලදී එය තිත් කොමාවලින් සිදු කරනු ලබන බවයි. OpenOffice.org Calc වලදී පළමු දෙවන තුන්වන හා සිව්වන සමීකරණ පහත දැක්වේ

පළමු ක්‍රමය - = A1 + A2 + A3 + A4 + A5 + A6 + A7 + A8 + A9 + A10

දෙවන ක්‍රමය - = Sum (A1 ; A2 ; A3 ; A4 ; A5 ; A6 ; A7 ; A8 ; A9 ; A10)

තුන්වන ක්‍රමය - = Sum (A1:A10)

සිව්වන ක්‍රමය - = Sum (A1:A4 ; A5:A7 ; A8:A10)

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya