Share to:

Tree

උද්භිද විද්‍යාවේදී, ගසක් යනු සාමාන්‍යයෙන් අතු සහ කොළ විභේදනය වන දිගටි කඳක් සහිත බහු වාර්ෂික ශාකයකි.

ගසක් කෙටි ලෙස නිර්වචනය කිරීමේදී "ද්විතියික වර්ධනය සහිත දැවමය ශාක/ දැව ලෙස භාවිත කළ හැකි ශාක හෝ නියමිත උසකට වඩා වැඩි පැල" ගසක් ලෙස සැලකිය හැකි වේ.

  • උදාහරණ ලෙස- තල් ගස්, කෙසෙල්,තේක්ක,අඹ සහ බම්බු (Bamboo) ගස් පෙන්වා දිය හැක.

ගස් වර්ග වර්ගීකරණ කණ්ඩායමක් නොවන නමුත් සූර්යාලෝකය සඳහා තරඟ කිරීම සඳහා වෙනත් ශාකවලට වඩා ඉහළින් කුළුණක් ලෙස, කඳක් සහ අතු ස්වාධීනව පරිණාමය කර ඇති විවිධ ශාක විශේෂ ඇතුළත් වේ.(සියලු ගස් ප්ලාන්ටේ රාජධානියට අයත් වේ)

ගස් විශේෂවලින් බහුතරයක් ඇන්ජියෝස්පර්ම් (ඝන දැව); ඉතිරි ඒවායින් බොහොමයක් ජිම්නොස්පර්ම් (මෘදු දැව) වේ. ගසක ආයු කාලය ඉතා ඉහල වේ, සමහරක් වසර දහස් ගණනක් පැරණි වේ. වසර මිලියන 370 ක් තිස්සේ ගස් පැවතුනි. ලෝකයේ පරිණත ගස් ට්‍රිලියන තුනක් පමණ ඇති බව ගණන් බලා ඇත.

ගසක සාමාන්‍යයෙන් ද්විතීයික අතු බොහෝමයක් ඇති අතර ඒවා කදේ බාහිකයෙන් හටගනී. ශාක කඳෙහි සාමාන්‍යයෙන් එක් කොටසක සිට තවත් කොටසකට ද්‍රව්‍ය (සුක්‍රෝස්,ජලය,අයන වර්ග) රැගෙන යාමට සනාල පටක අඩංගු වේ.

බොහෝ ගස් සඳහා ආරක්ෂිත බාධකයක් ලෙස සේවය කරන පොත්ත (ද්විතීයික වර්ධනයට පසු) ලෙස සනාල කැම්බියමට එපිටින් පවතින කොටස් ක්‍රියා කරයි.

පොළවට පහළින් ඇති කොටස හෙවත් මූලාග්‍රය කොටසේ මුල්, අතු පවතින පරතරයටම පැතිරී ඇත. මුල් මගින් ගස උපස්තරයට සම්බන්ධ කිරීමට සහ පසෙන් තෙතමනය හා පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට ක්‍රියා කරයි. 
පොලව මට්ටමට ඉහළින් පවතින හෙවත් ප්‍රරෝහ කොටසේ අතු,  කුඩා අතු සහ රිකිලි වලට බෙදී යයි. රිකිලි සාමාන්‍යයෙන් කොළ දරයි, එය ආලෝක ශක්තිය ග්‍රහණය කර එය ප්‍රභාසංස්ලේෂණය මගින් සීනි බවට පරිවර්තනය කරයි, ගසේ වර්ධනයට සහ සංවර්ධනයට ආහාර සපයයි. 

ඇන්තොෆයිටා (සපුෂ්ප ශාක) සාමාන්‍යයෙන් ප්‍රජනනය කරන්නේ පුශ්ප භාවිතයෙන් වේ . මල් සහ පලතුරු තිබිය හැක, නමුත් කේතුධර වැනි සමහර ගස් (සයිකැඩෝෆයිටා/කොනිෆරෝෆයිටා) ප්‍රජනනය සදහා පුෂ්ප වෙනුවට පරාග කේතු සහ බීජ කේතු ඇත. තල්, කෙසෙල් සහ උණ බම්බු ද බීජ නිපදවයි, නමුත් පර්ණාංග ශාක ඒ වෙනුවට බීජාණු නිපදවයි.

පාංශු ඛාදනය අඩු කිරීම සහ දේශගුණය මධ්‍යස්ථ කිරීම සඳහා ගස් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර ඔවුන්ගේ පටකවල කාබන් විශාල ප්‍රමාණයක් ගබඩා කරයි (නමුත් ශ්වසනයේදී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට කරයි). ගස් හා වනාන්තර බොහෝ සතුන් සහ ශාක විශේෂ සඳහා වාසස්ථානයක් සපයයි. නිවර්තන වැසි වනාන්තර ලෝකයේ වඩාත් ජෛව විවිධත්ව වාසස්ථාන අතර පවතී. ගස් සෙවණ සහ නවාතැන්, ඉදිකිරීම් සඳහා දැව සහ ආහාර සඳහා පලතුරු මෙන්ම වෙනත් බොහෝ භාවිතයන් සපයයි.

කෘෂිකාර්මික කටයුතු සඳහා ඇති ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම නිසා ලෝකයේ සමහර ප්‍රදේශවල වනාන්තර ප්‍රමානය අඩු වෙමින් පවතී. නමුත් ශාක වල දීර්ඝායුෂ සහ ප්‍රයෝජනය නිසා, විවිධ සංස්කෘතීන්වල පූජනීය ලෙස සලකන ගස් සෑම විටම ගෞරවාදරයට පාත්‍ර වී ඇති අතර ඒවා ලෝකයේ බොහෝ මිථ්‍යා කථාවල භූමිකාවක් ඉටු කරයි.

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia

Kembali kehalaman sebelumnya